Colombo Today Local News

රේගු බහාලූම් අංගනයක මහා පරිමාණ කහ සොරකමක්

ශී‍්‍ර ලංකා රේගුවට අයත් ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ බහාලූම් අංගනයක තිබූ කහ කැබලි තොගයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

ප‍්‍රතිඅපනයනය සඳහා රඳවා තිබූ බහාලූමක රේගු මුද්‍රාව කපා ඉවත් කර එම බහාලූමේ තිබූ කහ කැබලි කිලෝ 18,180 ක් සොරකම් කළ බවටයි අදාළ සැකකරුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රේගුව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කර තිබේ. සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු ඉකුත් 29 වනදාත්, තවත් සැකකරුවන් තුන්දෙනෙකු ඉකුත් 30 වනදාත් අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ. අනෙක් සැකකරුවන් පස්දෙනා ඉකුත් 31 වනදා අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් බදුරලිය, දෙමටගොඩ, අම්බලන්තොට, කිරිල්ලවත්ත, වව්නියාව හා පානදුර යන ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 ත් 45 ත් යන වයස් කාණ්ඩවල පසුවන්නන් බවයි පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී, අදාළ සොරකම සඳහා යොදාගත් වෑන් රථ 02 ක්, ලොරි රථයක්, කහ කැබලි කිලෝ විස්සක්, කුඩු කරන ලද කහ කිලෝ 12 යි ග‍්‍රෑම් 500 ක්, උපයාගත් මුදල් රුපියල් හාරකෝටි පනස් එක්ලක්ෂයකට අධික මුදලක් සොයාගෙන තිබේ.

සොරකම් කළ කහ විකිණීමෙන් උපයාගත් මුදල්වලින් මිලදී ගත් නවීන මෝටර් රථයක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුයි.

Related posts

වතු ජනතාවගේ ලයිම ආසන්නයෙන්ම නව නිවාස ලබාදීමට පියවර ගත යුතුයි – ජනපති

colombotoday

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨා නිදොස් කොට නිදහස් !

colombotoday

අළුත්වැඩියා කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් ගැන ප්‍රශ්නයක් : කරාපිටියේ සී.ටී ස්කෑන් නවතී

Admin

ජනපති දකුණු කොරියා ජනපති හමුවෙයි

Admin

හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් සමාජයේ සිටිය හැකි

colombotoday

පහන් පත්තු කරද්දී දන්නෙම නැතිව ඥානසාර හිමිගේ මුවින් පිටවුන දේ Video

colombotoday