Colombo Today Local News

වේයන්ගොඩ දී වැටලු ගණිකා නිවාසය

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වේයන්ගොඩ තල්ගස්මෝට්ටේ ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත ඊයේ (04)දින දහවල් 2.30ට පමණ මෙම සෝදිසි කිරීම සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිකා නිවාසය කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ කළමණාකරනයට සහාය වීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් අවුරුදු 42, 35, 29 වයස්වල පසුවන වේයන්ගොඩ, කැකිරාව, තිස්සමහාරාම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරු හා සැකකාරියන් අද (05)දින අත්තනගලල් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වේයන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ඔන්ලයින් පනත ගැසට් කෙරේ

Admin

බේරුවල මුහුදු ප්‍රදේශයේ භූචලනයක්

Admin

ගෑස් මිලත් රු. 400කින් ඉහළ යන ලකුණු

colombotoday

වැල්ලම්පිටිය වෙඩිතැබීමේ වෙඩික්කරු පලා යද්දී අල්ලයි

Admin

මිනුවන්ගොඩදී පුද්ගල ඝාතනයක්

Admin

“රක්නා ලංකා” සමාගම, ඇමති ධම්මිකගේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට

colombotoday