Colombo Today Local News

ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත්

නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක්ව ඇති “MT Diamond”නෞකාවෙන් ඉන්ධන කාන්දුවීමක් සිදුවුවහොත් සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (04)දින පෙරවරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

එහිදී හම්බන්තොට සිට යාපනය දක්වා සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

එමෙන්ම මෙම තත්ත්වය තනි රටකට පාලනය කිරීම අපහසු වන බැවින් දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහය ලබාගැනීම සඳහා කටයුතු කරන බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් ද මේ වන විට අවධානය යොමු කර ඇති බව පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

විශේෂයෙන් දැවැන්ත ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා අතර ඉන්ධන උරා ගත හැකි Oil Boomයෙදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අවසර…

colombotoday

නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කෙරේ..

colombotoday

උපසම්පදා භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම සහ ශ්‍රී ලාංකීය අධිකරණ පද්ධතියේ අඩු ලුහුඬු කම්

colombotoday

ජවිපෙ මැයි රැලිය පුරවන්න පාසල් ළමුන් බලහත්කාරයෙන් අරන් ඇවිත් !

colombotoday

අගමැති හරිනිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Admin

අජිත් රෝහණගේ තනතුර SSP නිහාල් තල්දූවට

colombotoday