Colombo Today Local News

පියයුරු පිළිකා සෛල නසන මීමැසි විස

මීමැසි විසෙන් පියයුරු පිළිකා ඇතිකරන සෛල විනාශ වන බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් කණ්ඩායමක් පවසයි.

විශේෂයෙන්ම පියයුරු පිළිකා ඇතිකරන සමහර ප්‍රබල සෛල විනාශ කිරීමේ හැකියාවක් මීමැසි විස ට ඇතිබව ඔවුන් හඳුනාගෙන තිබේ.

ප්‍රතිකාර කිරීමට අපහසු යැයි හඳුනාගෙන තිබූ පිළිකා ප්‍රභේද දෙකකට එරෙහිව එම විස සහ එහි අඩංගු මෙලිට්ටින් නම් සංයෝගය යොදාගෙන ඇති අතර ඉන් සාර්ථක ප්‍රතිඵල ලැබූ බව සඳහන් වේ.

මෙම සොයාගැනීම ගැන විද්‍යාඥයින් උද්දාමයට පත්ව ඇතත් ඒ පිළිබඳ ව තවත් පරීක්ෂණ කළ යුතුව ඇතැයි පැවසේ.

ලොව පුරා කාන්තාවන් අතර බහුලව ම පැතිර ඇති පිළිකාව වන්නේ පියයුරු පිළිකාවයි.

Related posts

පොලිස් සෝදිසියකදී වැලි අස්සෙන් දැව මතුවෙයි

Admin

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගෙන යෑමේ තීරණයක්..

Admin

යෝෂිත මන්ත්‍රීවරුන්ට ඩො.මි. 3 ක් දෙන්න හදනවා – මංගල සමරවීර චෝදනා කරයි

colombotoday

ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ හිරවෙයි

colombotoday

යාපනේ කොවිල් පෙරහැරක ඊළාම් සිතියම ප්‍රදර්ශනය කරයි…

colombotoday

මැතිව්ස්ට කොවිඩ්

colombotoday