Colombo Today Local News

ගොනා කෝවිලේ අංජු සමග සබඳතා පැවැත්වූ ගල්කිස්ස පොලිසියේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්

ගල්කිස්ස පාතාලයේ නායකයා බව කියන “ගොනා කෝවිලේ අංජු” ඇතුළු පාතාල අපරාධකරුවන් සමග සමීප සබඳතා පවත්වමින් පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට කැළලක් වන ආකාරයට හැසිරුණු බව කියන ගල්කිස්ස පොලිසියේ හිටපු ස්ථානාධිපති ටී. ආර්. හෙට්ටිආරච්චි වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කර ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත.

පාතාලය සමග සබඳතා පැවැත්වූ බව කියන එම නිලධාරියාට එරෙහිව දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘දිවයින’ පුවත්පතට ඊයේ (31 දා) පැවසූ බව වාර්තා කර ඇත.

එම පොලිස් නිලධාරියා පාතාලය සමග සබඳතා පවත්වන බවට තොරතුරු ලැබීමෙන් පසු ඔහු ගල්කිස්ස පොලිසියෙන් ඉවත්කර ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්‍ෂණය මත විමර්ශනයක් සිදු කෙරිණි. එහිදී අනාවරණය වී ඇත්තේ මෙම නිලධාරියා පොලිස් දෙපාර්තමේන්තුවේ රහස්‍ය තොරතුරු පාතාලයට ලබාදෙමින් පාතාල සාමාජිකයන්ගෙන් මුදල් සහ විවිධ වරප‍්‍රසාද ලබාගෙන ඇති බවයි. ඒ අනුව එම නිලධාරියා නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඊයේ (31 දා) සිට වැඩ තහනමකට ලක්කර ඇත.

එම නිලධාරියා සබඳතා පැවැත්වූ බව කියන ‘ගොනා කෝවිලේ අංජු’ ඉතාලියේ සැඟව සිටිමින් ගල්කිස්ස ප‍්‍රදේශයේ සිය පාතාල කණ්ඩායම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බව පොලිසිය පවසයි. කප්පම් මුදල් ලබා නොදීම නිසා මීට මාස කිහිපයකට පෙර මොරටුව ප‍්‍රදේශයේ අවන්හලකට ප‍්‍රහාර එල්ල කරනු ලැබුවේ ද ‘ගොනා කෝවිලේ අංජු’ විසින් ලබාදුන් නියෝග මත පාතාල කණ්ඩායමක් විසිනි.

Divaina

Related posts

සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් සීඅයිඩීයට කැඳවයි

colombotoday

කොස් කොළ, ක්‍රෝටන් කොළ කැවීමට පෙර සහල් සදහා පාලන මිල වහා ගැසට් කරනු !

colombotoday

අයියාට පිහියෙන් ඇන මල්ලි ලොරියකට පැන දිවි නසා ගනී – මවත් ඇඳ යට මිය ගිහින්.

colombotoday

ජවිපෙ නායක අනුර දිසානායක‍ගේ අයර්ලන්ත සවාරියේ තවත් රහස් එළියට.. වීඩියෝව මෙන්න

colombotoday

කොළඹ වරාය ඉන්දියාවට පවරන්න සූදානම්.. යහපාලන සගයෙක් හෙළිකරයි

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම වෙයි

colombotoday