Colombo Today Local News

ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උතුම් බිනර පෝය අදයි

භික්ෂූණී ශාසනය ආරම්භ වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට (01දාට) යෙදේ.

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙයි.

ශාසනික වශයෙන් අද දිනය වැදගත් වන්නේ කාන්තාවන් සඳහා ශාසනික දොරගුළු විවර වී කාන්තාවන්ට නියම විමුක්තිය සැලසුණු දිනයක් වශයෙනි. එනම් භික්ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනරපුර පොහෝ දිනයේය.

මෙහෙණි සස්නේ ආරම්භය පිළිබ`ද ඉතිහාසය කෙටියෙන් මෙසේය. බුදුරදුන් විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහා ප‍්‍රජාපතී ගෝතමී දේවිය රෝහිණී නදී තීරයේදී පැවිදි වූ කුමරුවන්ගේ භාර්යාවන් 500 දෙනා සමඟ කෙස් සිඳ, කසාවත් හැඳ කිඹුල්වත් පුරයේ සිට පා ගමනින්ම විශාලා මහනුවරට පැමිණියාය. අනඳ හිමියන්ගේ මාර්ගයෙන් කාන්තාවන්ට සසුන් පැවිද්ද දෙන ලෙස ඉල්ලා සිටියහ. අනඳ හිමි බුදුරදුන්ට මේ බව සැල කළද උන්වහන්සේ තෙවරක්ම එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළහ. පසුව අනඳ හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප‍්‍රජාපතී ගෝතමිය ප‍්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. පැවිද්ද අවශ්‍ය නම් අෂ්ට ගරු ධර්ම පිළිගත යුතුය. එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේයි බුදුරදුන් ප‍්‍රකාශ කළහ. එය පිළිගෙන එවලෙහිම පැවිද්ද හා උපසම්පදාව ලැබූහ.

Related posts

ඇමති රංගේ ASP තනතුරක් ඉල්ලයි

colombotoday

රිෂාඩ් බදුර්දීන් විල්පත්තුවෙන් දැව ඝන මීටර දහස් ගණනක් සොරකම් කරලා

colombotoday

අලුත් ව්‍යවස්ථාව මර උගුලක් – අමරපුර ධර්මරක්ෂිත මහා නිකායත් විරෝධය පළකරයි !

colombotoday

අනුර ජනාධිපති වුනොත් කරන දෙයක් ගැන සුමන්තිරන් කියයි

Admin

මේ තත්ත්වය යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නේ නෑ

colombotoday

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් – ඇමති සරත් වීරසේකරගෙන් යෝජනාවක්.

colombotoday