Colombo Today Local News

පාසල් දරුවන්ට කිරි වෙනුවට සහල් කැඳ

පාසල් දරුවන්ට කිරි වීදුරුවක් වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබාදීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.

රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් දරුවන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති බව එය අමාත්‍යංශය සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ගොවිජන මන්දිරයේ අද (27)දින පැවැති සාකාච්ඡාවක දී මේ පිළිබඳ සාකච්ඡා වී තිබේ.

පාසල් සිසු දරුදැරියන් අතර පෝෂණ ඌනතාවයන් මෙන්ම අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග ද ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ.

ඊට පිළියමක් ලෙස වස විසෙන් තොර පාරම්පරික දේශීය සහල්වලින් කැඳ වීදුරුවක් ලබා දීම වඩා වැදගත් බව එම සංගමය පෙන්වා දී ඇත.

ඒ පිළිබඳ අවධානය යොමු කළ කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම වැඩසටහනේ ද, ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීම සඳහා කමිටුවක් ද පත්කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

ඇදිරි නීතිය දීර්ඝ කරනවද? නැද්ද? තීරණය ඉදිරි පැය 48 තුල

colombotoday

චමෝදිගේ මරණය යළි සිහිකරමින් තවත් රෝගියෙක් ඖෂධයක් ලබාගැනීමෙන් පසු මිය යයි

Admin

ගංවතුරෙන් පසු වසංගත රෝග තත්ත්වයක්.. බේරෙන්නේ මෙහෙමයි

colombotoday

පාස්පෝට් පෝලිමට ආණ්ඩුවෙන් කඳිම විසදුමක්

Admin

‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න’

colombotoday

වල් අලියෙකුගේ පහරකින් පියෙක් මරු දකී

Admin