Colombo Today Local News

නීතිවිරෝධීව ගෙනආ කහ කිලෝ 1000ක් කල්පිටියේදී හමුවේ

තීරුබදු රහිතව ආනයනය කළ බවට සැළකෙන කහ කිලෝ ග්‍රෑම් දහසකට ආසන්න ප්‍රමාණයක් කල්පිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ.

පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී කල්පිටිය, එරුම්පුකුඩල් ප්‍රදේශයේ ලොරි රථයක තිබී කහ කැබලි කිලෝග්‍රෑම් 998ක් එලෙස සොයාගෙන ඇත.

අදාළ ස්ථානයේ තිබී එම කහ තොගය ගෙන්වූ පුද්ගලයාගේ බවට සැකකළ හැකි ලියකියවිලි කිහිපයක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

කහ තොගය සහ එම ලියකියවිලි වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත බාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.

Related posts

අස්ගිරි – මල්වතු පාර්ශව රැස්වෙයි… “සියලු දෙනා එකතු වෙන්න“ ඉල්ලයි…

colombotoday

ඌව මහඇමති පොලිසියට බාර වෙයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු බව කියන මොහොමඩ් සහරාන් ගැන Colombotoday 2017 දී කළ හෙළිදරව්ව මෙන්න… බලධාරීන්ගේ ඇස යොමු වූවානම් ?

colombotoday

පාර්ලිමේන්තුව නොවැම්බර් 05 කැඳවීමට ජනපති තීරණය කරයි…

colombotoday

ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක් ගිනි ගනී

Admin

අද සහ හෙට සියලු ලංගම බස්රථ ධාවනයට පියවර

colombotoday