Colombo Today Local News

බොන්නේ වැහි වතුර. සෙරෙප්පු දාන්නෙ නෑ. වේදිනිගම හිමිට මන්ත‍්‍රී ධුරය ඉල්ලති.

වේදිනිගම විමලතිස්ස හිමියන් අපේ ජනබල පක්‍ෂයේ මන්ත‍්‍රී ධුරය දැරීම සදහා ඉතා සුදුසු අයෙක් බව එම හිමියන්ගේ සම්බන්ධීකාරක පූජ්‍ය හුණුපිටියේ චන්ද‍්‍රසිරි හිමියෝ පවසති.

විමලතිස්ස හිමියන් ඉතාම අල්පෙච්ච සුපේෂල ජීවිතයක් ගත කරන හිමි නමක් බවත් උන් වහන්සේ පැවසූහ.

එහිමියන් වලදන්නේ ගෙවත්තේ වගා කරන බුද්ද බෝග පමණක් බවත් පොරවන්නේ කඨින සිවුර පමණක් බවත් චන්ද‍්‍රසිරි හිමියෝ කියති.

බොන්නේ වැහි වතුර බවත් සෙරෙප්පුද නොදමන බවත් එනිසා උන් වහන්සේට මන්ත‍්‍රී ධුරයක් දැරීමේ අයිතියක් ඇති බවත් සම්බන්දීකාරක හිමියෝ පැවසූහ.

කොලඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී හිමියන් මෙම අදහස් පල කරන ලදී.

Related posts

ඕනම උදව්වක් කරන්න චීනය ලෑස්තියි – චීන නියෝජ්‍ය විදේශ ඇමති ජනපතිට දන්වයි

colombotoday

කරූ ජයසූරිය එජාප නායකත්වයට ?

colombotoday

“යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා” අවුරුද්දට වදින්න ගිය STF සෙබළාට ජනපති කියයි

colombotoday

නව දේශපාලන පක්ෂ 6ක් ලියාපදිංචි කෙරේ

colombotoday

මත්තලින් රට යන ලාංකිකයින්ට වට්ටමක්

colombotoday

උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් නොදුන්නොත් ලොකු ප්‍රශ්න ඇති වෙයි.. TNA තර්ජණය කරයි

colombotoday