Colombo Today Local News

බන්ධනාගාරයට කලිසම් වාටියක සඟවා මත්කුඩු ගෙන යෑමට තැත්කළ එක්දරු මවක් අත්අඩංගුවට

මහර බන්ධනාගාර රැඳවියෙකුට ලබා දීම සඳහා, කලිසම් වාටියක සුක්ෂම ලෙස සඟවා මත්කුඩු පැකට් 2ක් රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මහර බන්ධනාගාර බලධාරීන් පවසයි.

අද (18)දින උදෑසන මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ‍, ජා ඇළ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එක්දරු මවකි.

වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් හෙරොයින් ළඟ තබා ගැනිමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කරන ලද ඡා ඇළ ප්‍රදේශයේ 20 හැවිරිදි රැඳවියෙකු සඳහා ඔහුගේ බිරිඳ යැයි පැවසෙන කාන්තාවක් විසින් මේ ආකාරයට මත්ද්‍රව්‍ය ලබාදීමට උත්සාහ කර ඇතැයි බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරයි.

සොරකම් නඩුවක් සඳහා බන්ධනාගාරගතව සිටි ඇය මීට මාස 06ට පමණ පෙර නිදහස ලබා තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ කාන්තාව සහ මත්කුඩු පැකට් 02ක රාගම පොලීසිය වෙත භාරදීමට නියමිතය.

මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ සෘජු අධික්ෂණය මත පසුගිය 15 වැනිදා සිට රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීමේ කටයුතු නැවත ආරම්භ වු අතර, එම රාජකාරී සඳහා ප්‍රධාන ⁣ජේලර් සුභාෂ් උපුල්දෙණිය මහතාගේ නිරීක්ෂණය යටතේ තෝරාගත් නිලධාරින් පිරිසක් පමණක් යෙදවීමට කටයුතු කර තිබේ.

Related posts

ඌරන්ට ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී දෙදරු පියෙක් මරුට

Admin

ඥානසාර හිමිගෙන් මිලියන 500ක් ඉල්ලා රිෂාඩ් දැමු අපහාස නඩුව ඉල්ලා අස්කරගන්න ඉල්ලයි.

colombotoday

වෙළෙඳ අමාත්‍යංශයෙ ප්‍රාඩෝ එක අතිරේක ලේකම්වරයකු උස්සලා. | පොලීසියට පැමිණිලි

colombotoday

චීන වෛරය වපුරා අගමැති වූ රනිල්ට දැන් චීනය ළග දණින් වැටෙන්න වෙලා

colombotoday

“උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම මගේ යුතුකමක්“ – ජනපති

colombotoday

ETCA සූදානම්.. විරෝධය මඩින්න ඉන්දියාවෙන් ඩොලර් කෝටි 200ක ඇමක් !

colombotoday