Colombo Today Local News

MCC ගිවිසුමට අනුමැතිය දුන්නේ නැහැ- නීතිපති

තමා විසින් MCC ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, MCC ගිවිසුම පිළිබඳ ව තවමත් කරුණු හදාරමින් සිටින බවය.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.

2018 වසරේ දී නීතිපතිවරයා වෙනුවෙන් නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් මෙම කරුණු මාධ්‍ය තුළ ප්‍රචාරය වු බව ද ඇය පැවසුවාය.

එම ලිපිය සම්බන්ධයෙන් වත්මන් නීතිපතිවරයාගේ මතය වන්නේ, “මෙම ගිවිසුමේ ව්‍යවස්ථානූකූලභාවය සම්බන්ධයෙන් කිසිදු දෙයක් ප්‍රකාශ වී නොමැති බවයි” යනුවෙන් ඇය කියාසිටියාය.

ඒ අනුව දැනට පවතින තත්ත්වය අනුව නීතිපතිවරයා විසින් රජයේ අදාළ පාර්ශවකරුවන්ගේ නිරීක්ෂණ කැඳවා ඇතැයි ද නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ද ලැබීමෙන් අනතුරුව එම කරුණු ද සැලකිල්ලට ගෙන MCC ගිවිසුමේ නීත්‍යානූකූලභාවය පිළිබඳ රජයේ අදාළ පාර්ශවකරුවන් ට නීතිපති උපදෙස් ලබා දීමට නියමිත බව ද ඇය පැවසීය.

Related posts

ටයිටැනික් නෞකාවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් සබ්මැරීනයත් සමග අතුරුදන්

Admin

සා/පෙළ අයදුම්පත් භාරගැනීම ලබන 15 දා අවසන්

colombotoday

වුහාන් වල සිටින සිසුන් 30 දෙනා මෙරටට ගෙන්විමට චින රජයෙන් අවසර නෑ !

colombotoday

ලංකාව ගැන වටිනාම ලියවිලි තොගයක් හොර රහසේම විදේශිකයන්ට දීලා – ජනපතිගෙන් හෙළිදරව්වක්

colombotoday

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin