Colombo Today Local News

එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමේ තීරණයක්

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස් වුණා. එහිදී පසුගිය මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් දීර්ඝ සමාලෝචනයක් ද සිදුකෙරුණා.

ඒ අවස්ථාවේදී අදහස් ඉදිරිපත් කළ සියලු දෙනා මතුකළ කරුණ වූයේ පක්ෂයට නව නායකත්වයක් ඇති කරගැනීම සඳහා පාක්ෂිකයන්ගේ ද අදහස් වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් කඩිනමින් පියවර ගතයුතු බවයි.

ඒ අනුව නායකත්වය අපේක්ෂා කරන සියලු දෙනාටම ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදෙමින් පාක්ෂිකයන්ගේ ද අදහස් වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් ජාතික අපේක්ෂාවන් හඳුනාගත් නව තරුණ නායකත්වයක් තෝරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට එහිදී එකගතාවය පළවුණා.

ඒ අනුව හඳුනාගත් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන අය අතරින් රටට සහ පක්ෂයට ගැළපෙන තරුණ නායකත්වය තෝරාගැනීමට නියමිතය.

එහි ආරම්භක පියවර ලෙස පක්ෂයේ තරුණ නායකයින්ට නව වගකීම් පවරමින් ක්‍රියාකාරී යාන්ත්‍රයක් සකස් කෙරෙන අතර එහිදී සාර්ථකව තම වගකීම් ඉටු කිරීම සහ පාක්ෂිකයන්ට සමීපවෙමින් ඔවුන් දිනා ගනිමින් කටයුතු කිරීම ආදී කරුණු ද සැලකිල්ලට ගනිමින් පක්ෂය සහ පාක්ෂිකයන් තුළින් ම ගොඩනැගෙන තරුණ නායකයෙකුට නුදුරේදීම එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිරිනැමීමට තීරණය වුණා.

Related posts

WHO හා ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට මිලියන 105ක වෛද්‍ය උපකරණ

colombotoday

විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද.. අධිකරණය අවට ආරක්ෂාව දැඩි කරයි !

colombotoday

නව අගමැති වැඩ අරඹයි

colombotoday

බැදුම්කර වාර්තාවෙන් අගමැති “මිස්ටර් ක්ලීන්“ වුණා.. සම්මුතිය රැකගැනීමට ජනපති – අගමැති බේරගත යුතුයි

colombotoday

“මද කිපී ලතෝනි දෙන බැළලියන්ට ගඩොල් බාගෙකින් ගසා පන්නනු”

colombotoday

ලබන වසරේදී රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි ඉල්ලා බැසිල්ට ලිපියක්

colombotoday