Colombo Today Local News

මෙරට සේවයේ නියුතු විදේශීය ශ්‍රමිකයින් ගෙන් අනිවාර්ය බද්දක් අය කෙරේ

ශ්‍රී ලංකාවේ රැකියාවල නියුතු විදේශීය ශ්‍රමිකයින් අනිවාර්ය බද්දක් ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

එම දෙපාර්තමේනතුව නිකුත් කළ නිවේදනයකින් මෙරට සේවායෝජකයින් සහ සේවා නියුක්තිකයන්ට දැනුම් දී ඇත්තේ මෙම වර්ෂයේ අප්‍රේල් 01 වැනි දින බලපැවැත්වෙන පරිදි උපයන විට ගෙවීමේ බද්ද වෙනුවට විකල්ප පදනම මත ‘අත්තිකාරම් පුද්ගල බද්ද’ හඳුන්වා දී ඇති බවයි.

ඒ අනුව සේවායෝජකයින් විසින් 2017 අංක 24 දරන දේශීය ආදායම් විධිවිධාන පනතේ විදිවිධානවලට අනුව අදාළ සේවකයින්ගේ කැමැත්ත මත ඔවුන්ගේ වැටුපෙන් අඩු කරගෙන අත්තිකාරම් පුද්ගල බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුය.

කෙසේ වෙතත් අදාළ එකඟත්වය (කැමැත්ත) අවශ්‍ය වන්නේ නේවාසික සහ මෙරට පුරවැසියන් වන සේවා නියුක්තිකයන් සඳහා පමණයි.

ශ්‍රී ලංකාවේ පුරවැසියකු යන්නෙන් පුරවැසි පනත යටතේ ද්විත්ව පුරවැසිභාවය දරන්නන් ඇතුළුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය දරන තැනැත්තන් අදහස් කෙරෙන බවද දෙපාර්තමේන්තුව පවසයි.

එම තත්ත්වය මත පදනම්ව 2020 අප්‍රේල් 04 දින සිට බලපැවැත්වෙන පරිදි මෙරට සේවයේ නියුතු සියලුම නේවාසික සේවා නියුක්තිකයන්ගෙන් සහ සියලුම වාසික එහෙත් පුරවැසියන් නොවන සේවා නියුක්තිකයන්ගෙන් ‘එකඟතාව නොසලකා’ අත්තිකාරම් පුද්ගල බද්ද අය කිරීම අනිවාර්ය කොට ඇත.

Related posts

උතුරු කොරියානු නායකයා හමුවීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවට

colombotoday

වෘත්තීය සමිති ඇමති මංගලව දණ ගස්වයි… පි.එම්.එස්. චාල්ස් නැවතත් රේගු අධ්‍යක්ෂක ධුරයට…

colombotoday

අත දරුවෙකු සමග ගිය මවකගේ ගෙල කපා ඝාතනය කර රන් මාලය සොරා ගනී.

colombotoday

පොහොට්ටුවෙන් ගැලවුණු මැදවච්චිය ප්‍රා සභාවේ බලය නැවතත් පොහොට්ටුවට

colombotoday

විරෝධතා කරන්න ගිය ලංකා ගුරු සේවා සංගමයේ ලේකමුත් අත්අඩංගුවට

colombotoday

විරෝධතා පැවැත්වීමට ජනතාවට ඇති අයිතිය වැළැක්වීමට පියවර ගන්න එපා.. – ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයට අවධාරණය කරයි

colombotoday