Colombo Today Local News

නවගමුවේ කප්පම් කල්ලියක් කොටු

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් යැයි පැවසෙන පුද්ගලයින් සිව්දෙනෙක් වදුරාමුල්ල, කැලෑබද ප්‍රදේශයක පාළු නිවසක සැඟවී සිටිය දී නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය කාලයේ දී නවගමුව පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් තියුණු ආයුධවලින් කපා බියවද්දා කප්පම් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී කඩු හතක්, මෙරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සහ මත්කුඩු ග්‍රෑම් 2ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සියලුදෙනා රනාල රෝහල පාරේ පදිංචිකරුවන්ය.

එම සැකකරුවන් කලකට පෙර ඝාතනයට ලක්වු පාතාල කල්ලි සාමාජිකයෙක් වන “සමයන්ගේ” ගෝලයින් බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

යකඩ පෙනහළු මිනිසා දිවිගමනට සමු දේ

Admin

මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් 80%කට හේතුව බෝ නොවන රෝග

Admin

පුතුගේ උපන්දිනයට ගුරුවරියකගෙන් අයිස්,ගංජා පාටියක් දීලා

colombotoday

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම කුරුණෑගලින්

colombotoday

පොලිසියට වෙට්ටු දාන්න ගිය කුරුඳු හොරා වහලෙන් වැටෙයි

Admin

ලංකාවේ ඊ – පළාත් පාලන පද්ධතිය ඇරඹේ

colombotoday