Colombo Today Local News

හෙරොයින් පැකට් 380ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

බොරැල්ල පොලිස් වසමේ ටී 20 වත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් පැකට් 380ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (11)දින උදෑසන 11.30 ට පමණ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක් අතරතුර එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

එම හෙරොයින් පැකට් 380 තුළ හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක් තිබූ බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් වු බේස්ලයින් මාවත, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය හෙට (12)දින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නියෝග !

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යළි සේවාවන් සැපයීම අරඹයි

colombotoday

UPDATE: අදත් ඇප නොළැබෙයි… ඥාණසාර හිමි 23 දක්වා යළි සිරගත කරයි!

colombotoday

අගමැති මහින්දට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්… අදම සලකා බැලීමට තීරණය වෙයි…

colombotoday

උතුරේ විවෘත කෙරුණ නාමල්ගේ මැතිවරණ කාර්යාල.

Admin

රාජිත රකින්නේ කවුද? සුදත්ත හිමිගෙන් හෙළිදරව්වක්. 2015දී වගේ 2019දීත් අපිට වැරදුනා ?

colombotoday