World

ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්.. මාධ්‍ය හමුවේ සිටි ජනපති ට්‍රම්ප්ව ආරක්ෂකයින් රැගෙන යයි

ධවල මන්දිරයෙන් පිටත සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් එක්සත් ජනපද රහස් ඔත්තු සේවය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය සාකච්ජාවක් අතර වාරයේදී ඉන් පිටතට රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. ධවල මන්දිරයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් සිටි ජනාධිපතිවරයා අසලට පැමිණි ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුව තිබෙන සිද්ධිය සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරිමක් සිදුකොට ජනාධිපතිවරයාව එම ස්ථානයෙන් කෙටි වෙලාවක් සඳහා පිටතට රැගෙන ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. මිනිත්තු කිහිපයකට පසු ජනාධිපති ට්‍රම්ප් නැවත මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ධවල මන්දිරයට ආසන්න මාර්ගයකදී පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් කිරීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට ගෙන ගොස් ඇති බවයි.

“එය ධවල ​​මන්දිරයෙන් පිටත වෙඩි තැබීමක්. තත්ත්වය ඉතා හොඳින් පාලනය කර තිබෙනවා. රෝහලට රැගෙන ගිය පුද්ගලයාගේ තත්ත්වය තමන් නොදන්නා බව” මෙහිදී ජනාධිපති ට්‍ර්ම්ප් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර සිටියා.

අවුරුදු 51ක් වයසැති පුද්ගලයෙකු ධවල මන්දිරය අසල රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියෙකු අසලට ආවේගශීලිව පැමිණ තමන් සන්තකයේ ගිනි අවියක් ඇති බව ප්‍රකාශ කොට වේගයෙන් ආරක්ෂක නිලධාරියෙකු දෙසට දිව ගොස් ඇති බවයි.

එම අවස්ථාවේදී ධවල මන්දිරය අසල ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි රහස් ඔත්තු සේවා නිලධාරියෙකු විසින් සැකකාර පුද්ගලයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇත.

Related posts

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

colombotoday

ඉන්දියාවෙන් තවත් දෛනික කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාවක්

colombotoday

හමාස් සටන්කාමීන්ට අවි පුහුණුව දෙන ෂියා මුස්ලිම් හිස්බුල්ලා සාමාජිකයන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin

අධික උණුසුමින් කැනඩාවේ ලිටන් ගම්මානය ගිනිබත් වෙයි

colombotoday

ඇපල් සමාගමෙන් iPhone 14 එළියට

colombotoday

පාරේ නැටූ යුවලකට වසර 10ක සිර දඬුවමක්

Admin