Colombo Today Local News

ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව අතාවුල්ලා කියයි

මෙවර මහා මැතිවරණයේදි එක් මන්ත්‍රි ආසනයක් පමණක් හිමිකරගත් තම පක්ෂය පාර්ලිමේන්තුවේදි නව රජයට සහය පලකරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව ඒ.එල්.එම්.අතාවුල්ලාගේ නායකත්වනේ යුත් ජාතික කොංග්‍රසය සඳහන්යි.

මහා මැතිවරණයට පෙර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහය පලකරමින් ශ්‍රි ලංකා පොදුජන නිදහස් සන්ධානයට සහය පල කරමින් ගිවිසුමකට එළඹි ප්‍රධාන පක්ෂ 18ක් ඇති අතර ඉන් එක් පක්ෂයක් වන්නේ ජාතික කොංග්‍රසය බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක වෛද්‍ය වයි.එස්.මොහොමඩ් ශියා පවසයි.

තම පක්ෂයේ නායක ඒ.එල්.එම්.අතාවුල්ලා දිගාමඩුල්ලෙන් තරග කර ජයගෙන ඇති අතර දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රිදුර සමග මන්ත්‍රි අසුන් 145ක් හිමිකරගෙන ඇති බවද ජාතික සංවිධායකවරයා කියයි.

ඒ අනුව ඊ.පී.ඩි.පි. පක්ෂය ලබා ගත් මන්ත්‍රි ආසන දෙකත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට යාපනයෙන් තරග කර අංගජන් රාමනාදන් ලබා ගත් මන්ත්‍රි අසුනත්, ටී.එම්.වී.පි.පක්ෂයේ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ මන්ත්‍රි අසුනත් තම පක්ෂයේ මන්ත්‍රි ආසනය සමග නව රජයේ ශක්තිමත් 2/3ක බහුතරය ලබාගෙන ඇති බවද ජාතික සංවිධායක වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනපතිගේ උපදෙස් මත යළි අහෝසියි

colombotoday

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද ජනපති හමුවෙයි

colombotoday

පෝය දවසේ දේව බලෙන් ලෙඩ සුව කරන්න යයි.. දේව දූතයාටත් ලෙඩක් වැටෙන ලකුණු !!

colombotoday

ශිෂ්‍යත්වය හා උසස් පෙළ ගැන තීරණය ?

colombotoday

නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වෙයි

colombotoday

ආගමික ස්ථානවලට හිමි වත්කම් හා දේපොළ ගැන තොරතුරු ගන්න තීරණයක්

Admin