Colombo Today Local News

නව අමාත්‍ය මණ්ඩලය 14 වෙනිදා දිවුරුම් දෙයි- මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

අගෝස්තු 5 වන දා පැවති මහ මැතිවරණයෙන් 9 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිසම විසින් එම ගැසට් නිවේදනය ඊයේ (08)දින රාත්‍රියේ නිකුත් කර තිබේ.

ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කවලින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තේරී පත්වුණු මන්ත්‍රීවරුන්ගේ නම් අදාළ ගැසට් පත්‍රයට ඇතුළත් කර තිබේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයන් සඳහා නම් කරනු ලැබූ මන්ත්‍රීවරුන් ගේ නම් පසුව ගැසට් කරන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර නව අමාත්‍ය මණ්ඩලය මෙම මස 14 වෙනිදා මහ නුවරදී දිවුරුම් දීමට නියමිතව ඇති බව අග්‍රාමත්‍ය කාර්යාලය නිවේදනය කර සිටියි.

 

Related posts

ඥානසාර හිමිගේ පන්සලේ ධර්ම ශාලවක්වත් නෑ…

colombotoday

කේරළ ගංජා ළඟ තබාගත් ගුරුවරයෙක් කොටු

colombotoday

හිටපු ජනපති මෛත්‍රීපාල යාපනයේ සංචාරයක

Admin

සම්මුතිය අවසන්.. ශ්‍රීලනිප ඇමතිවරු 18ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරයි !

colombotoday

සරත් ෆොන්සේකා ඇතුළු 11කට අධිකරණ නියෝගයක්

Admin

වනඅලියෙකු පහරදීමෙන් තිදරු පියෙක් මරුට

colombotoday