Colombo Today Local News

ඡන්දය පත්‍රිකාව ඡායාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවට

තමන් සලකුණු කළ ජන්දය තම ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කළ තරුණයෙකු අද (05) අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි.
 
නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු නාවලපිටිය මධ්‍යම මහ විද්‍යාලයේ ශාලා අංක 51 දි ඡන්දය සලකුණු කර එය තම ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කරන අවස්ථාවේ ශාලාධිපති විසින් සැකකරු සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගන්නා ලදී. පසුව මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත සැකකරු භාර දී ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරු අවු 32 හැවිරිදි අයෙකි.

සැකකරු රම්බොඩ හෙල්බොඩ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

Related posts

විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් රැගෙන එයි

colombotoday

ආණ්ඩුවේ හොඳ නම කැත කරන්න පොලීසියෙන් කුමන්ත්‍රණයක් !

colombotoday

“මා නිර්දෝෂයි” විශේෂ ප්‍රකාශයක් කරමින් රවී ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි (Video)

colombotoday

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

colombotoday

‘නෝ ෆයර් සොන්‘ පෙන්වූ කොටි හිතවාදිනියට මැලේසියා අධිකරණයෙන් දඩුවම්

colombotoday