Colombo Today Local News

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවවේ

පෑලියගොඩ පොලිස් වසමේ අධිවේගී පාලම අසළ දී අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන “කෙසෙල්වත්තේ දිනුක”ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු “කෙසෙල්වත්තේ රයිනා” නම් 27 හැවිරිදි අක්බාර් පටුමග, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 100ක්, ජංගම දුරකථන 03ක්, සිම් කාඩ්පත් 19ක් හා යතුරු පැදිය ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (05)දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නාවලපිටිය ජය අනුරට

Admin

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday

මිළ අධික පිළිකා ඖෂධ 10 හා වෛද්‍ය උපකරණ 2ක මිළ නියාමනය කෙරේ…

colombotoday

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන විපක්ෂ  නායක මහින්දගේ අදහස…

colombotoday

යුද අපරාධකරුවන්ට දඩුවම් දෙන්න රජය ගෙනඇති පියවර ගැන ඇමරිකාවට සතුටුයි – තානාපති කියයි

colombotoday

සිංහල බෞද්ධ ඡන්ද ඕනනම් ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස ලබාදිය යුතුයි. – සුදත්ත හිමි

colombotoday