Colombo Today Local News

සිංහල බෞද්ධ ඡන්ද ඕනනම් ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස ලබාදිය යුතුයි. – සුදත්ත හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට දී තිබූ වසර හයක සිරදඬුවම නැවත සලකලා බලන්න කියලා අපි පසුගිය සිකුරාදා ශේ‍ර්ෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. ඒ අභියාචනය විභාගයටත් නොගෙන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රතික්ෂේප කළා. ඒ පිළිබඳව රටේ ජනතාවට කරුණු කාරණා ඉදිරිපත් කිරීම අපේ යුතුකමක් යැයි සිංහල රාවයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි පැවැසීය.

තමන් ඇතුළු කණ්ඩායම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා සමඟම ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ අභියාචනය විභාගයට ගන්නට ශේ‍ර්ෂ්ඨාධිකරණය තීරණය කළ බවත් මේ කාරණා දෙක ගැන රටේ ජනතාව අවබෝධ කරගෙන ඇතැයි විශ්වාස කරන බවත් රටේ භික්ෂුන් වහන්සේට කෙළින් වන නීතිය මේ රටේ දේශපාලන අධිකාරියට සහ විවිධ තරාතිරම්වල අය හමුවේ කෙළින් නොවන්නේ ඇයි ද යන ප්‍රශ්නය මතුවෙලා තිබෙන බවත් වැඩිදුරටත් පැවැසීය.

පසුගියදා (9දා) සුදත්ත හිමියන් මෙසේ පැවැසුවේ රාජගිරිය ශ්‍රී ධර්මරාජිත විහාරයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදීය. එහිදී සුදත්ත හිමියෝ මෙසේද කීහ.
නීතිය ක්‍රියාත්මක නොවන රටක යුක්තිය බලාපොරොත්තු වෙන්න බැහැ. යුක්තිය පසිඳලන සියලුම ආයතන අද දේශපාලනීකරණය වෙලා. අද නීතියෙන් ඇප ගන්න තියෙන එකම ක්‍රමය නළලේ පොට්ටුවක් තියාගෙන සාරියක් හෝ සායක් ඇඳගෙන අධිකරණයට පැමිණීමෙන් පමණයි.

ඒ නිසා ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමෙන් පසු සාකච්ඡා කරලා ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාගැනීමට කටයුතු කරනවා.
ගෝනවල සුනිල් වගේ පාතාල නායකයන්ට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සමාව දීලා සාමවිනිසුරු පදවියකුත් පිරිනැමුවා නම් වත්මන් ජනාධිපතිතුමා ඝාතනය කරන්න ආපු එල්ටීටීඊ සාමාජිකයන්ට ජනාධිපති සමාව ලබාදුන්නා නම් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කතා කරපු ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සමාව දෙන්න බැරිකමක් නැහැ.

මේ ජනාධිපති නිදහස ලබාදීමේදී රාජ්‍ය නොවන සංවිධානවලින් ආගමික අන්තවාදී කණ්ඩායම්වලින් බලපෑම් එන්න පුළුවන්. ඒ මොන එකකින් බලපෑම් කළත් නුදුරු අනාගතයේ මේ රටේ දිශානතිය තීරණය කරන්නේ සිංහල බෞද්ධයෝ පමණක් බව අපේ රටේ පාලකයෝ සිහි තබා ගන්න ඕනේ. අපේ රටේ දේශපාලන නායකයෝ අමතක කරලා තියෙනවා මේ රට සිංහල බෞද්ධ රටක් කියලා. තවමත් මේ රටේ සියයට හැත්තෑවක් ඉන්නේ සිංහල බෞද්ධයෝ. ඒ නිසා රටේ ඉදිරි නායකයා තීරණය කරන්නේ මේ සිංහල බෞද්ධයෝ. ඒ සිංහල බෞද්ධ ඡන්ද දිනාගන්න ඕන නම් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදිය යුතුයි.

සාරියටයි, පොට්ටුවටයි මේ රටේ ඕනෑම තැනක ඇප ලැබෙනවා නම් ඥානසාර හාමුදුරුවොත් සාරියක් ඇඳගෙන ගියා නම් ඇප ලැබෙයි. රටේ පුරවැසියා හැටියට රටේ නීතිය ගැන මේ වගේ කතා කරන්න වීම ගැන අපි ලැජ්ජා වෙනවා. අපේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ අපිට තියෙන්නේ දැඩි පිළිකුලක්. අද පැමිණිල්ල විත්තිය වෙලා විත්තිය පැමිණිල්ල බවට පත්වෙලා. අවාසනාවකට අපේ රටේ එක සිංහල බෞද්ධ නායකයෙක් නැහැ, මම සිංහල බෞද්ධයෙක් කියලා කට ඇරලා කියන්න. අතුරලියේ රතන හාමුදුරුවොත් අද බය වෙලා තියෙනවා මම සිංහල බෞද්ධයෙක් කියලා කියන්න.

Related posts

වැටෙන්න තිබුණු සුන්බුන් උඩු ගුවනේදීම දැවී ගිහින්

colombotoday

බදියුදීන් හා කාදර් මස්තාන් ගැටෙයි 05ක් රෝහලේ

colombotoday

පළමු වාරයේ පාසල් නිවාඩුව එළඹෙන 4 දා සිට

colombotoday

බැදුම්කර බෑණා සමග ගනුදෙනු කළ කෝප් කමිටු සාමාජිකයන් හෙළිවෙයි !

colombotoday

භාවිතයෙන් ඉවත්කළ රථ වාහන යුද හමුදාව ප්‍රතිනවීකරණය කරයි

colombotoday

ඊ.පී.එෆ්. රැකගන්න සමෘද්ධි නිලධාරීන් පාරට බහී…

Admin