Colombo Today Local News

විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම යළි අත්හිටුවයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම යළි තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ, එළැඹෙන මහ මැතිවරණය හේතුවෙනි.

ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළේ එම කටයුතු ලබන 8 වැනි දා සිට යළි ආරම්භ කරන බවයි.

ලබන 8 වැනි දා ඩුබායිහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 660 කට අධික පිරිසක් මෙරටට පැමිණෙන බවයි ඔහු පවසයි.

ඉන් පසු මාලදිවයින, ඕස්ට්‍රේලියාව, කටාර්, ඕමාන්, බහරේන්, මැලේසියාව, සිංගප්පුරුව, ඉන්දියාව ඇතුළු රටවල්වල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.

මහ මැතිවරණ රාජකාරි සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් අනියුක්ත වීමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ඇතුළු කර ගැනීමේදී ඇතිවිය හැකි බාධා හේතුවෙන්, මෙම තීරණය ගත් බව ද අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසුවේ.

Related posts

ගිය වසර 2 1/2 ට රජයේ ණය බර බිලියන 2773 කින් ඉහළට !

colombotoday

මහජන සේවය ඉටු නොකිරීම ගැන ජනපති හේතු එපා කියයි

Admin

සේනක බටගොඩට තහනම් වූ ගීත

Admin

බංග්ලාදේශය ගත්ත ණය ගෙවීම ගැන මහබැංකු අධිපතිට මතක් කරයි

colombotoday

මොරගහකන්ද, සිහිනය සැබෑ කළ හැටි ජනපති කියයි (Video)

colombotoday

බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

colombotoday