Colombo Today Local News

රාජාංගනයේ සංචරණ සීමාවන් සම්පූර්ණයෙන් ඉවතට

කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම හේතුවෙන් රාජාංගනය ප්‍රදේශයට පනවා තිබූ සංචරණ සීමාවන් අද (31)දින සිට සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.

රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට පනවා තිබූ සංචරණ සීමාවන් පසුගිය 27 වැනිදා සිට අදියර දෙකක් යටතේ ඉවත් කිරීමටයි පියවර ගෙන තිබුණි.

මේ අතර පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයාගේ ආශ්‍රිතයින් පිරිසක් අද (31) දිනයේ ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව ඇත.

ඊයේ එම ආසාදිතයාගේ ආශ්‍රිතයින් 158 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

පී.සී.ආර් පරීක්ෂණ සඳහා ලක් කළ පිරිස අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාමාජිකයින්, ප්‍රදේශවාසීන්, ආසාදිතයාගේ ඥාතීන් මෙන්ම පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද වූ බව වාර්තා වේ.

අද දිනයේ ද එම ආසාදිතයාගේ ආශ්‍රිතයින් හඳුනාගනිමින් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු තවදුරටත් සීමා කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා පවසයි.

Related posts

කොවිඩ් – 19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණිලා.

colombotoday

රටේ නායකත්වයට හමුදා නිලධාරියෙක් වඩාත් සුදුසුයි – හමුදාපති මහේෂ් සේනානායක

colombotoday

උතුරු-නැගෙනහිර භික්ෂූන් වහන්සේලාගේ ජීවිත අනතුරේ… විහාරස්ථානවල ආරක්ෂාව තහවුරු කරන්න…

colombotoday

නිදහස සැමරීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක්

Admin

සංචාරක වීසා අරන් ඇවිත් ලංකාවේ කුලී වැඩකළ ඉන්දියානු මැලේරියා රෝගියා පිටුවහල් !

colombotoday

හම්බන්තොට වරායේ උණුසුම් තත්වයක් (Video)

colombotoday