Colombo Today Local News

පොහොට්ටුවට අයිතියක් නෑ රට පාලනය කරන්න

රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි ආණ්ඩුවකට ඡන්දය ලබා දීමෙන් කිසිදු ඵලක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ ඊයේ (29)දින කොළඹ,ටොරින්ටන් මාවතේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, “මේ ආණ්ඩුවට මුදල් නැතිවෙලා. මොකද්ද වෙලා තියෙන්නේ විදේශ විනිමය ඩොලර් මිලියන 7000ක් නැතිවෙලා. තව විදේශ විනිමය හොයා ගන්න බෑ. මේක හොයා ගන්න තියෙන්නේ පිටින් ගිහින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියලා. ඒක හොයා ගන්න බැරිනම් කොහොම ද රට ගෙනි යන්නේ,” යනුවෙනි.

මේ බර වසරක කාලයක් ආණ්ඩුව විසින් දැරිය යුතු බව ද පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, “පොහොට්ටුවට අයිතියක් නෑ රට පාලනය කරන්න. මාස 9ක් ගියා මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න බැරි වුණා. මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් පක්ෂයකට ඡන්දය දෙන්න” යනුවෙන් ද පැවසීය.

Related posts

මාලඹේ බොබ් මාලි අල්ලන්න පොලීසිය මහජන සහාය පතයි

colombotoday

සහල් කන්ටේනර් 500 ක් වරායේ හිර වෙලා

colombotoday

වේරංග අද අධිකරණයට

colombotoday

කොස්තාපල්ගේ ඝාතනයට කාන්තාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට.

colombotoday

“හතළිහක් විපක්ෂයේ වාඩි වුනේ විපක්ෂනායකගේ කණ්ඩායමට නෙමෙයි”

colombotoday

වරාය සේවකයන් වරාය පිවිසුම වට කරමින් විරෝධයේ

Admin