Colombo Today Local News

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුල කේරළ ගංඡා අලෙවි කළ කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී කේරළ ගංඡා අලෙවිකරමින් ජාවාරමක නිරත වු කාර්යාල කාර්ය සහායකවරයෙකු සහ එහි ආරක්ෂක අංශ නිලධාරියෙකු ඊයේ (27)දින අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව එම සැකකරුවන් දෙදෙනා රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී ඔවුන් දෙදෙනා අගෝස්තු 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාමරයක් තුළ තිබී කේරළ ගංඡා කිලෝ ග්‍රෑම් 150ක් පොලිස් භාරයට ගෙන ඇත.

උපාය දූතයෙකු යොදවා සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පැවසීය.

දිර්ඝ කාලයක් පුරා ලේකම් කාර්යාල පරිශ්‍රයේ මෙම ජාවාරම සිදුකර ඇති බවට කරුණු අනාවරණය කර ගෙන තිබේ.

Related posts

තමන්ට එරෙහි විමර්ශනය බලරහිත කරන්නැයි ඉල්ලා වෛද්‍ය සාපි සහබ්ඩීන් අභියාචනාධිකරණයට.

colombotoday

කොස්ගොඩ තාරකත් පොලිසියෙන් වෙඩි කයි

colombotoday

රෝසිගේ පුතාගේ නමත් බැඳුම්කර වාර්තාවේ – සංවාදය මෙන්න

colombotoday

මුහුදුබඩ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

Admin

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර කැපෙයි…

colombotoday

වසන්ත ඝාතනයේ හවුල්වූවන්රැසක් පොලිස් දැලේ

Admin