Colombo Today Local News

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තවත් සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු නියාමකවරයෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු පසුගිය 23 වන දා පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්නකිරීම් සිදුකරන බව ද පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සුරාබදු පරික්ෂකවරයෙකු ඊයේ (24)දින පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (25)දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 116ක් උපයා ගත්තා – අනුරාධ ජයරත්න

Admin

ශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ අත්අඩංගුවට..

colombotoday

විදෙස් තැපැල් භාණ්ඩ භාර ගැනීම අද සිට යළි ඇරඹේ

colombotoday

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

Admin

හරීන් ඇමති ධුරයෙන් ඉවත් වෙයි

Admin

ඇන්ටනිපුරම් දී මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

Admin