Colombo Today Local News

ඇල්පිටියේ දී ගිනිඅවි ඇතුළු අවි ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ගිනිඅවි ඇතුළු අවි ආයුධ සමග ඇල්පිටිය, ගනේගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු සතු ව තිබී “බොර 12” වර්ගයේ ගිනි අවියක් එම උණ්ඩ 06ක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, අත් බොම්බයක්, ටී 56 උණ්ඩ 23 සහ ටී 56 මැගසිනයක් සොයගෙන තිබේ.

ඊට අමතරව කඩු 03ක් , ත්‍රිවිධ හමුදා නිලඇඳුමක් සහ යුද හමුදා නිලඇඳුම් කමිස 03ක් සැකකරු සතුව තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගනේගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු අද (22) දින ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර සුරියවැව පොලිස් විශේෂ කාර්යය බළකා කඳවුරේ නිලධාරින් සහ සුරියවැව පොලීසිය එක් ව සිදුකළ වැටලීමක දී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග වැවේගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 65 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

සජිත් ප්‍රේමදාස ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා සේවකයින් 2300ක් බඳවාගෙන

colombotoday

වෙසක් සැමරුම වෙනුවෙන් සිරකරුවන් බැලීමට දින දෙකක්

Admin

ජනබලය විරෝධය දිනයේදී සුනාමි පෙරහුරුවක්

colombotoday

හඳුනාගත් රෝහල් මගින් එන්නත් ලබාදීමට යෝජනාවක්

colombotoday

පළාත් පාලන ආයතන වල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා..

colombotoday

මැතිවරණය පැවැත්වෙන මීළඟ දිනය ගැන තීරණයක් ගන්න කොමිසම අද රැස්වෙයි

Admin