World

මිනිත්තු 20කින් සිදුකළ හැකි කොවිඩ් පරීක්ෂණයක්

ඔස්ට්‍රේලියාවේ මොනෑස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මිනිත්තු 20කින් සිදුකළ හැකි කොවිඩ් පරීක්ෂණයක් සොයාගෙන තිබේ.

පුද්ගලයන්ගේ රුධිර සාම්පල යොදා ගනිමින් මෙම පරීක්ෂණය සිදුකරන බව සඳහන් වේ.

කිසියම් පුද්ගලයෙක් දැනට කොවිඩ් ආසාදනයට ලක් වී සිටී ද? යන්න මෙන්ම අතීතයේ දී කොවිඩ් වෛරසය ආසාදනය වී සිටියේ ද යන්නත් මෙහිදී හඳුනාගත හැකි බව සඳහන්ය.

පරීක්ෂණය සඳහා රුධිර ප්ලාස්මාවෙන් මයික්‍රො ලීටර් 25ක් භාවිත කෙරෙයි.

මෙය සාර්ථක වුවහොත් කොවිඩ් පරීක්ෂණ සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වයේ ප්‍රබල වෙනසක් සිදුවනු ඇති බව පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පවසයි.

කොවිඩ් එන්නත් සායනිකව අත්හදා බැලීමේදී ශරීරයේ නිපදවන ප්‍රතිදේහ හඳුනා ගැනීමටත් මෙම පරීක්ෂණය උපයෝගී කරගත හැකි බව සඳහන්ය වේ.

ගෝලීය වශයෙන් පුද්ගලයන් එක්කෝටි හතළිස් ලක්ෂයක පමණ පිරිසක් ගොදුරු කරගත් කොවිඩ් වසංගතයට ඕස්ට්‍රේලියානුවන් එකොළොස් දහසකට වැඩි පිරිසක්ද ගොදුරු වී තිබේ.

එරට කොවිඩ් මරණ සංඛ්‍යාව 116කි.

Related posts

IHU නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්. විකෘතිතා 46ක්

colombotoday

යුක්‍රේන ජනපති යුද ආධාර ඉල්ලා අමෙරිකාවට

Admin

තායිලන්තයේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගෙන් දුම්රියකට hit-and-run පන්නයේ ප්‍රහාරයක්. – බෞද්ධයන් ඉලක්ක ගත් ප්‍රහාරවල වර්ධනයක්.

colombotoday

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

Admin

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday

ස්පේස්-එක්ස් රොකට්ටුව ගොඩබෑමේදී පුපුරා යයි

colombotoday