අන්තවාදී ආගමික මතවාද සහිත සැකකරුවන් එම මතවාදයෙන් මුදවා ගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබු පුනරුත්ථාපන රෙගුලාසි කෙටුම්පත නීතිපතිවරයා විසින් සංශෝධනවලට යටත්ව අනුමත කර තිබේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව ප්රකාශ කළාය.