Colombo Today Local News

පාතාල සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

පාතාල නායකයෙකු ලෙස සැලකෙන බන්ධනාගාරගත කර සිටින “ඌරු ජුවා” නැමැත්තාගේ සමීපතමයෙක් වන “රංග” සහ “කුඩු අංජු” නම් පාතාල නායකයාගේ සමීපතමයෙක් ලෙස සැක කෙරෙන රුවන් සංජීව නැමැත්තා ඊයේ (16)දින අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

රංග නැමැත්තා මුල්ලේරියාවේ දී ද රුවන් සංජීව ව රත්මලාන ප්‍රදේශයේ දී ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

“රංග” නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 10ක් සමග අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු 2018 වසරේ දී හංවැල්ල ප්‍රදේශයේ ‘චතු’ හා ‘ඉංඩා’ සමග එක් ව තාරක මධූෂංණ නැමැත්තා ව ලක්ෂ 40ක කොන්ත්‍රාත් මුදලකට වෙඩි තබා සහ තියුණූ ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීම, 2018 වසරේ දී හෝමාගම මෝටර් රථ අලෙවි සැලකට පහර දී අලාභ කිරීම, 2015 වසරේ දී මීගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් මංකොල්ලා කෑම හා 2016 වසරේ දී මුල්ලේරියාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දී බරපතළ තුවාල කිරීම යන පෙර වැරදි ඇති බව පොලීසිය පවසයි.

රුවන් සංජීව නැමැත්තා වයස අවුරුදු 24 ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 50 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා 2016 වසරේ දී පිළියන්දල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස අධිකරණයේ නඩුවක් විභාග වන බව ද පොලීසිය පවසයි.

මීට අමතරව, 2012 වසරේ දී බාලවයස්කාර දැරියක් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ද ගල්කිස්ස අධිකරණයේ නඩුවක් විභාග වෙනු ඇත.

මෙම තැනැත්තා සංවිධානාත්මක අපරාධ සඳහා සිම් කාඩ්පත් 10ක් පරිහරණය කර ඇති අතර, හෙරොයින් ඡාවාරම සම්බන්ධයෙන් ඊෂිකෑෂ් ක්‍රමය යටතේ මුදල් හුවමාරු කර ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Related posts

අලුත් ව්‍යවස්ථාවට මහජන උනන්දුව අන්තිමයිලු !

colombotoday

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 3කට අධිචෝදනා – විදෙස් ගමන් තහනම්

colombotoday

කිලිනොච්චි පරෙවිපංචාන් හමුදා කඳවුරට පැන්න පිරිසක්‌ ඉඩම් ඉල්ලා බලපෑම් කරති

colombotoday

අලුත් ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් තියන්න ගියොත් ආණ්ඩුව ඉවරයි – චම්පික නොකියා කියයි

colombotoday

කොන්ක්‍රීට් ස්ලැබ් එකක් මතින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Admin

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday