Colombo Today Local News

කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ප්‍රදේශ කිහිපයක සිදුවන දේ

කොරෝනා වෛරසය ආසාදනය වූ කිහිපදෙනෙක් හමු වීමෙන් පසු රාජාංගනය ප්‍රදේශයේ යාය 1, 3 සහ 5 කලාපවල ජීවත්වන පවුල් 12,000ක් පමණ හුදකලා කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත පොකුරෙන් මේ වන විට ආසාදිතයින් 532ක් වාර්තා වි ඇති බවය.

මේ අතර රට තුළ පවත්නා වත්මන් තත්ත්වය තුළ ඇඳිරි නීතිය පැනවීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ අතර බාහිර සමාජයෙන් ආසාදිතයින් හමුවිම නිසා අද වන විට හුදකලා කර ඇති අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ඊයේ (14)දින 320කට ආසන්න පිරිසකගේ PCR පරික්ෂණ සිදු කර තිබේ.

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන කරන මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිටි පිළියන්දල දැල්තර ප්‍රදේශයේ යුද හමුදා නිලධාරියෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය විම නිසා ඔහු සංචාරය කළ පිළියන්දල නගරයේ කඩ සාප්පු කිහිපයක් වසා දමා එහි පිරිස් නිරෝධායනයට යොමු කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ කොවිඩ් ආසාදිත යුධ හමුදා නිලධාරියෙකු ඇසුරු කිරීම හේතුවෙන් සීගිරිය පොලීසියේ පොලිස් පරික්ෂකවරයෙකු හා ඔහුගේ පවුලේ පිරිස් නිරෝධායනයට යොමු කර තිබේ.

සීගිරිය පොලීසියේ දෛනික වැඩ කටයුතුවලදී එම පොලිස් ස්ථානයේ නිලධාරින් යොදා ගැනිම අවදානම් විම හේතුවෙන් ඒ සඳහා දඹුල්ල පොලිසියේ විශේෂ කණ්ඩායමක් සීගිරිය පොලීසියට අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ.

Related posts

දිවයිනේ බොහෝ රෝහල්වල ඖෂධ නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

Admin

ලෝකෙම ඉදිරියේ කැතකම පෙන්වූ බංගලි ක්‍රීඩකයන්ට ICC දුන්නු දඩුවම මෙන්න

colombotoday

මාස 11ක කාලයකදී අලි ඇතුන් 350ක් මරුට

colombotoday

තොරතුරු තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ආයතනයක් ලංකාවට

colombotoday

අල්ලස කෝටි 26යි. අවලංගුවට කෝටි 1780යි. රටක් බිමට පහත් කළ ජාතික ගුවන් සේවයේ ගසා කෑම.

colombotoday

පිය – පුතු දෙපළ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ජිප් රියට බිලි

Admin