Colombo Today Local News

අත්අඩංගුවට පත් නාකොටික් නිලධාරීන්ට එරෙහිව ගන්නට යන දැඩි තීරණය

පොලිස් බාරයට ගත් මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද (10)දින පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළේය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙහිදී පවසා සිටියේ, මේ පිළිබඳව කඩිනමින් විර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව නීතිපතිවරයා හරහා අධිචෝදනා ගොනුකරන බවයි.

ඉන්පසු අදාළ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ද නිතීපතිවරයා හරහා අධිකරණයෙන් ඉල්ලීමක් කරන බව ඒ මහතා පැවසීය.

පොලිස් බාරයට ගත් මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 18 දෙනෙකු හා පිටස්තර පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙක් සහ පොලිස් සැරයන්වරු 08 දෙනෙකු බවයි.

මේ වන විට අදාළ පොලිස් නිලධාරීන් සතුව තිබී සොයාගත් වාහන 11කට ආසන්න සංඛ්‍යාවක් සහ ඉඩම් කට්ටි 18ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුටත් පැවසීය.

Related posts

බෙහෙත් පෙත්තක් හිරවී සිසුවියටක් මිය යයි

Admin

මහ නගර සභාවේ අයවැය පරාජයට පසු යාපනයට නව නගරාධිපතිවරයෙක්

colombotoday

බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිලධාරීන් කල යෝජනාව ඥානසාර හිමි ප්‍රතික්ෂේප කරයි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

චමල් රාජපක්ෂගේ නිවසත් වටලයි

colombotoday

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday