Colombo Today Local News

පාඨලීට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරේ

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර දෙකක් ගොනු කර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.

2016 වසරේ පෙබරවාරි මස 28 වන දා වැලිකඩ පොලිස් වසම තුළ ඩබ්ලිව්.පී.කේ.පී.4575 දරණ ජීප් රථයේ රියදුරු වශයෙන් කටයුතු කරමින් අපරීක්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව එක් අධිචෝදනා පත්‍රයක් ගොනු කර තිබේ.

දෙවන අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙන්නේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, මෙම අනතුර සිදු වූ වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර යන අයට එරෙහිවය.

චෝදනා 16කින් යුත් එම අධිචෝදනා පත්‍රය තුළින් බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදුකළ පාඨලී චම්පික රණවක නැමැති සැකකරු නීත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ආදී චෝදනා එම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව එල්ල කර ඇත.

Related posts

ජනාධිපති මන්දිර දෙකක් පමණක් තබා ගැනීමේ සූදානමක්

Admin

නාරාහේන්පිට පොලිස් පිරවුම්හලේ 121ට ඉන්ධන ලබා දීම ගැන පරීක්‍ෂණයක් කරනවා – ඇමැති කංචන විජේසේකර

colombotoday

ඇමරිකානු තානාපති අභ්‍යන්තර කටයුතුවලට නැවතත් අත දමයි … සම්බන්ධන් සමග රහස් කතා

colombotoday

ඥානසාර තේරෝ හරිටම හරි. මම අගය කරනවා එයාව. කොන්ට්‍රෝල් කරන්න ඕන මුස්ලිම් පොලිටිසියන් එක. කරුණා අම්මාන් කියයි

colombotoday

මීළග ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීයි… පොදුජන පෙරමුණේ ඡන්දත් සමග පහසුවෙන් ජයගත හැකියි – මහින්ද කියයි

colombotoday

‘මහින්ද පණ යනතුරු සාඨකේ එල්ලා තැබිය යුතුයි..‘ ෆොන්සේකා එජාප මැයි රැලියේදී කියයි

colombotoday