ඉන්දියාව කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ රුසියාව අභිබවා තෙවන ස්ථානයට පත්ව ඇත.
ඊයේ (05) ආසාදිතයන් 24,000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් හඳුනා ගෙන ඇති අතර ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව හත් ලක්ෂයකට ආසන්න වී ඇති බව වාර්තා වෙයි.
එරට තුළ මේවන විට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 19,700ක් වෙයි.
රුසියාවේ ආසාදිතයන් හයලක්ෂ 81,000ක් පමණ වන අතර පුද්ගලයන් දසදහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.
ආසාදිත ලැයිස්තුවේ අමෙරිකාව සහ බ්‍රසීලය පෙරමුණේ පසුවෙයි.