Colombo Today Local News

මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධ පැමිණිලි තවත් ඉහළට

මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ දක්වා පැමිණිලි 1255ක් ලැබී ඇති බවය.

ප්‍රචණ්ඩක්‍රියා, රාජ්‍ය දේපල පරිහරණය, නීති විරෝධී ලෙස අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ලැබී තිබේ.

මේ අතර මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 94ක් ලැබී ඇති බවය.

මේ අතර තියුණු ආයුධයක් සහිතව කළුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

යෝෂිතගේ ඩේසි ආච්චිට අධිකරණයෙන් අද දුන් නියෝගය !

colombotoday

ආණ්ඩුව අයවැය සම්මත කර ගත් හැටි ඒකාබද්ධ විපක්ෂය කියයි

colombotoday

ජනපති සමග සාකච්ඡාවෙන් පසු දොස්තර වර්ජනය අවසන් !

colombotoday

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට නොමිලයේ යුරියා

Admin

ගලගොඩඅත්තේ හිමියෝ හබරණ ග්‍රාමීය රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරති.

colombotoday

ජන්ද කොට්ඨාස 19 ඡන්ද දැන්වීම් පත්‍රිකාව වෙනස්

Admin