Colombo Today Local News

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ඇතැයි පැවසෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා පිළබඳව සොයා බැලීමට පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව අද (01)දින සවස පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් පසුගිය දා අත්අඩංගුවට පත් විය.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන් සතුව තිබී මුදල් සහ වෙනත් දේපළ ද සොයා ගන්නා ලදි.

නමුත් මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙණ පොලිස් පරීක්ෂකවරයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

Related posts

මේ දිනවල මාගේ ග්‍රහචාරය උච්චයි… මා ජනපතිවීම ස්ථීරයි !

colombotoday

නාමල් වෙනුවෙන් සාගර ඇප තියයි

Admin

දේශීය කිරිපිටි මිල වැඩි කරන්න පියවර ගෙන නෑ…

colombotoday

රන්ජන් අමතා උසස්වීමක් ඉල්ලූ බව විනිසුරු පද්මිණී පිළිගනියි !

colombotoday

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිසක් අතර උණුසුම් තත්වයක්

Admin

ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

Admin