Colombo Today Local News

දුම් බද්දේ කරුමයට පාසල් ළමුන්ටත් කරගහන්න වෙයි!

tax 2016වසර 03කට වඩා පැරණි වාහන සඳහා වාර්ෂික වාහන බලපත්‍ර ලබාගැනීමේදී දුම් විමෝචන ගාස්තුවක් ලෙස වාර්ෂිකව රුපියල් 5000ක මුදලක් අය කිරීම නිසා ලබන වසරේ සිට පාසල් ළමයින්ගෙන් අය කරන මුදල ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ප්‍රවාහන සේවා සංගමය සඳහන් කරයි.

දුම් විමෝචන ගාස්තුවක් අයකර ගැනීමට අමතරව සෑම පාසල් බස් රථයකින්ම එක් ආසනයකට රුපියල් 500 බැගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබාදීමට සිදුව තිබෙන බවද එම සංගමයේ ලේකම් කිත්සිරි අමරසිංහ මහතා සඳහන් කළේය.

රට පුරා පාසල් ළමයින් ප්‍රවාහන රථ 40,000කට අධික ප්‍රමාණයක් තිබෙන බවත්, එම ප්‍රමාණයෙන් 39,500කට ආසන්න ප්‍රමාණයක් වසර 03කට වඩා වැඩි පැරණි වාහන බවද පවසා සිටියේය. මේ නිසා වහාම දුම් විමෝචන ගාස්තුව ඉවත් කර ගැනීමට කටයුතු නොකළහොත් ලබන ජනවාරි මාසයේ සිට අය කරන ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

ඥාණසාර හිමියන් අදත් අභියාචනාධිකරණයට !

colombotoday

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම හා භාවිතයේ නව රටා අනාවරණය

Admin

මගේ පාලනයක් තුළ වංචා දූෂණ කරන කොමිස් ගහන පුද්ගලයන්ට දැඩි දඬුවම් දෙනවා – මහින්ද රාජපක්ෂ

colombotoday

නායකතුමා ෆොන්සේකව තියන් ඉන්නෙ මහින්දලාට බුරන්න, උසී කිවම බුරනවා – ෆොන්සේකා-තෙවරප්පෙරුම ගැටුම දරුණුවටම ඇවිළෙයි…

colombotoday

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

colombotoday

රට ආරක්ෂා කළ හැක්කේ එජාපයට පමණයි

colombotoday