Colombo Today Local News

මෙවර මහ මැතිවරණයේ වියදම කෝටි 1000යි

මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි දහසක පමණ වියදමක් දැරීමට සිදු වන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (30)දින ප්‍රකාශ කළේය.

සභාපතිවරයා පැවසුවේ, මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අගෝස්තු 06 උදේ 8ට ආරම්භ කොට, පළමු නිල ඡන්ද ප්‍රතිඵලය පස්වරු 4 ට පමණ ලබාදිය හැකි බවයි.

2020 මහමැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම අද සිදු වූ අතර හෙට (01) සහ අනිද්දා (02) දිනවලද එම කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණය සඳහා රාජ්‍ය සේවකයින් 705,085 දෙනෙකු තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි.

තැපැල් ඡන්ද සලකුණු කිරීම එළැඹෙන ජූලි මස 14 හා 15 යන දිනවලදී සිදුකිරීමට නියමිතයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ නිලධාරීන්ට ජූලි 16 හා 17 යන දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වේ.

එම දින 04 තුළ ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට එළැඹෙන ජූලි මස 20 හා 21 ඡන්දය සලකුණු කළ හැකි වන්නේ තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදීයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට සම්බන්ධිත නිලධාරීන්ට ජූලි 13 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරීමේ විශේෂ දිනයක් ලෙස මැතිවරණ කොමිසම අද නිවේදනය කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ජූලි 11 වනදායින් ආරම්භ වන අතර නිල ඡන්ද දැන්වීමේ බෙදීමේ අවසන් දිනය වන්නේ ජූලි 29 වනදායි.

එම දිනයෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාල තැපැල් කාර්යාලය වෙත ගොස් සිය අනන්‍යතාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම්පත ලබාගත හැක.

Related posts

පැය 12 ක විදුලි කප්පාදුවකට යන්න වෙයි – මහජන උපයෝගිතා කොමිසම

colombotoday

චීනයෙන් තවත් යුවාන් මිලියන 300ක ආධාරයක්

colombotoday

2021 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

බැදුම්කරෙන් එළියට ආපයින් අගමැති ඉන්දියාවට.. මූකම්බිකා කෝවිලේ දෙවියන් යදී !

colombotoday

ඉහල යන ඉන්ධන මිලට විරෝධය පළ කරමින් බස් රථ හිමියන් අනුරාධපුර මාර්ග වසයි.

colombotoday

20 සංශෝධනයෙන් පන්සිල් පද පහම කැඩෙනවා.. අගමැතිගෙත් 20ට පොඩි ඈලිමෑලි ගතියක් පේනවා – තුෂාර ඉඳුනිල්

colombotoday