“මනුෂත්වයේ නාමයෙන් ඉල්ලා සිටිනවා බුරියානි එකක් දීලා, මේ වටලප්පම් එක විතරක් දීලා… ඡන්ද පෙට්ටිය ගණන් කරනකොට බොරුනම් කරන්න එපා. අපිට තවදුරටත් මිනිසුන්ට මුහුණ දෙන්න බැරි වෙනවා. අපෙන් මහා විශාල දේවල් බලාපොරොත්තු උනාට අපිට කරන්න බැරි වෙනවා. අපේ දෑත් ශක්තිමත් කරන්න. ආණ්ඩුවත් එක්ක ඉන්න. ආණ්ඩුවට ඡන්දය ලබා දෙන්න.” යැයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්රි මුස්ලිම් ජනතාවට පවසා තිබෙනවා.
අලි සබ්රි මේ බව සඳහන් කර සිටියේ, කොළඹ දිස්ත්රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන ධනසිරි අමරතුංග ගේ ජයග්රහණය වෙනුවෙන් මුස්ලිම් පිරිසක් සමග පැවැත්වූ රැස්වීමකට එක් වෙමින්ය.