Colombo Today Local News

සහරාන්ට ඉන්දියාවට පැන යාම සදහා උදව් කර ඇත්තේ බදියුදීන්ගේ සොහොයුරා බව කොමිසමේදි යළිත් තහවුරු වෙයි

වරෙන්තු ලැබ සිටියදී පාස්කු ප‍්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම්ට ඉන්දියාවට පළා යාමට උපකාර කර ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදින්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් බවට හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයෙකු පෙරේදා ලබාදුන් සාක්ෂිය ජනාධිපති කොමිසම හමුවේ යළි තහවුරු කර තිබෙනවා.

ඒ, මාධ්‍ය මගින් ප‍්‍රචාරය වූ අදාළ පුවත අසත්‍ය බවට රිෆ්කාන් බදියුදින් යොමු කල ලිපියක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම විසින් යළි සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේදීයි.

2017 වසරේ කාත්තන්කුඩිය අල්ලියාර් මංසන්ධියේ ඇතිවු ගැටුමකින් පසු වරෙන්තු ලබා සිටි සහරාන් හෂීම්ට ඉන්දියාවට පළා යාමට හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදින්ගේ සොහොයුරා උපකාර කළ බවට ඉකුත්දා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වුණි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයේ පළ වූ ප‍්‍රවෘත්ති අසත්‍ය බවටයි හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදින්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් ජනාධිපති කොමිසමට ඊයේ යොමුකළ ලිපියේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් සහරාන් හෂීම්ට ඉන්දියාවට පළායාමට රිෆ්කාන් බදියුදින් උපකාර කළ බවට බුද්ධි තොරතුරක් ලැබී තිබුණු බව කොමිසම හමුවේ යළි සාක්ෂි සාක්‍ෂි දෙමින් හිටපු බුද්ධි අධ්‍යක්ෂකරවයා තහවුරු කර තිබේ.

එහිදි ඔහු ජනාධිපති කොමිසම හමුවේ සහරාන් හෂිම්ට ඉන්දීයාවට පළායාමට උපකාර කළ බවට තමන් වෙත ලද බුද්ධි තොරතුරේ පැහැදිලි ලෙස සටහන් වු නම වූයේ රිෆ්කාන් බදියුදින් බවයි.

මේ අතර පාස්කු ඉරුදින සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ මොහොමඞ් ඊබ‍්‍රාහිම් ඉන්ෂාෆ් අහමඞ් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වයි. ආර් රවින්ද්‍ර ද ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුණි.

එහිදි ඔහු පවසා ඇත්තේ ඔහු පෞද්ගලික ආයතනයක් හරහා තඹ වයර් නිෂ්පාදනය කර ඉන්දියාවට අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදින් යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලය පැවති සමයේ මෙම ආයතනය ලියාපදිංචි කර ඇති බවද එහිදී අනාවරණ වුණා. මෙම බෝම්බකරු හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදින් හමුවී ඇති බවත් අපනයන සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් නිරාකරණය කර ගැනිම එහි අරමුණ වී ඇති බවත් ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසම හමුවේ පැවසුවා.

කෙසේ වෙතත් සෙසු ආයතන සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් අබලි ද්‍රව්‍ය නිකුත් කරන විට ලබාදෙන අගයට වඩා සාපේක්ෂව ඉතා වැඩි අගයක අබලි ද්‍රව්‍ය ප‍්‍රතිශතයක් මෙම ආයතනයට නිකුත් කර ඇති බව කොමිසම හමුවේ අනාවරණ වුණි.

ඉන්ෂාෆ් අහමඞ් නැමැති මෙම බෝම්බකරු සිය ව්‍යාපාරයෙන් ඉපැයු රුපියල් කෝටි හතර හමාරක මුදලක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක‍්‍රියාකාරකම් සඳහා යොදවා ඇති බවයි ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ජනාධිපති කොමිසම හමුවේ පවසා ඇත්තේ.

Related posts

මන්නාරම සමූහ මිනිවලේ කැණිම් අත්හිටුවන්නැයි අධිකරණයෙන් නියෝගයක්.

colombotoday

මොනවා හරි විකුණලා රේටින් වලින් උඩට ගියාම ජනපතිගේ ප්‍රතිපත්තියත් ණයට කකා ජොලියේ ඉන්න එක

Admin

යුද අපරාධ චෝදනා නිරුත්තර කරන ‘විරුවන්ගේ විත්ති වාචකය‘ ගෝඨාට !

colombotoday

“ලැජ්ජාවක් තියේ නම් ඉල්ලා අස්වෙන්න.. නැත්නම් නිවේදනයේ වගකීම ගන්න“ – රවීට අභියෝගයක්

colombotoday

මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගෙන් CIDය පැය 4ක ප්‍රකාශයක් ගනී

colombotoday

නාවලපිටියෙන් නාවික දුරදක්නයක්, කඩු, මන්න තොගයක් සොයාගනී…

colombotoday