Colombo Today Local News

ලාංකික ISIS ත්‍රස්තවාදියා සමග තවත් 16ක් ගිහින්… සඟරාවකින් හෙළිවෙයි

මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් හෙවත් නිලාබ්ඩීන් නැමැති ශ්‍රීලාංකික අයි.එස්‌.අයි ත්‍රස්තවාදියා සිය කැමැත්තෙන් එම සංවිධානයට බැදී ඇති බව අයි.එස්‌.අයි සංවිධානය විසින් නිකුත් කරන සගරාවක් ලෙස සැලකෙන ‘ඩාබික්’ සඟරාව මගින් අනාවරණ කර තිබේ.

මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් හෙවත් නිලාබ්ඩීන් නැමැති ශ්‍රී ලාංකික පුද්ගලයා පවුලේ අය ඇතුළු 16 දෙනෙකු සමග එම සංවිධානයට සම්බන්ධ වී ඇති බවත් ඊට දරුවන් 6දෙනෙකුද සිටි බවත් එම සගරාව මගින් සඳහන් කර තිබේ.

අයි.එස්‌.අයි සංවිධානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසු මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් නැමැති මෙම පුද්ගලයා එම ප්‍ර‍හාරයෙන් තුවාල ලැබූවන් පිළිබඳ සොයා බැලීමට යාමේදී තවත් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම ප්‍ර‍හාරයෙන් මොහු මියගොස් ඇති බවට එම සගරාව වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් අයි.එස්‌.අයි සටන්කරුවකු ලෙස එම සංවිධානය අබු සුරෙහ් සයිලානි යනුවෙන් හඳුන්වනු ලැබූ පුද්ගලයා මහනුවර වැරල්ලගම, කුරුදුගොල්ල, ප්‍රින්ස්‌ ලෑන්ඩ් පදිංචිව සිට ඇති සයදරු පියෙකු වන මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් හෙවත් නිලාබ්ඩීන් බවට පොලිසිය විසින් මීට පෙර හඳුනාගෙන තිබිණි.

හැඳුනුම්පත් අංක 7735881070 V බවටද පොලිසිය විසින් සොයාගෙන ඇත. මොහු 2013 වසරේ ජනවාරි මස සිට 2014 දෙසැම්බර් දක්‌වා කාලය තුළ ගලේවෙල නගරයේ හමීඩියා ගොඩනැඟිල්ලේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයා ලෙස සේවය කර ඇත. එම කාලය තුළ ගලේවෙල ගමආරච්චි පදිංචිව සිට ඇත.

ජාත්‍යන්තර පාසලේ හිමිකරු, මොහමඩ් සහබ්දීන් මොහොමඩ් සමීර් මහතා සඳහන් කරන්නේ වසර දෙකක කාලයක්‌ තම පාසලේ විදුහල්පතිවරයා ලෙස සේවය කළ බවත් එම කාලය තුළ ඔහු සරල දිවි පෙවෙතක්‌ ගත කළ බවත්ය. පාසලේ දෙසැම්බර් නිවාඩුව අවසන්ව ආරම්භ කිරීමට තිබියදී මක්‌කම යන බව පවසා ගිය බවද කොළඹ ප්‍රදේශයේ මිතුරකු මාර්ගයෙන් පාසලේ විදුහල්පතිවරයා ලෙස පත්කරගත් බවත් පවසයි.

මොහුට දරුවන් සය දෙනකු සිට ඇති අතර බාල දරුවා ලැබීමට සිටියදී මක්‌කම ගිය බවත්, නිරන්තරව ලැප්ටොප් පරිගණකය පරිහරණය කරමින් සිටි බවත් ප්‍රදේශවාසීහු පවසති.

මොහු පාකිස්‌ථානයේ ස්‌ලාමාබාද් නුවර විශ්වවිද්‍යාලයකින් නීතිවේදී උපාධිය ලබා ඇත. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, අරාබි, උර්දු යන භාෂා පිළිබඳව හසල දැනුමක්‌ තිබී ඇත.

– Asianmirror

Related posts

මත්පැන් සම අයිතිය ඉල්ලා උසාවි ගිය සමනලී ජනපතිටත් පදමට අමතයි

colombotoday

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට

colombotoday

මහරගම මුස්ලිම් කඩයට පහර දී ඇත්තේ හෙළ උරුමයේ හිටපු මන්ත්‍රීවරයෙක් !

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනය අත්හරී

colombotoday

බීමතින්, රියදුරු බලපත්‍රයක් නොමැතිව, ගංජා සුරුට්ටුවක් තබාගෙන වෑන් රථයක් පැදවූ පුද්ගලයෙකුට 52500 ක දඩයක්

colombotoday