Colombo Today Local News

19 වන සංශෝධනය අහෝසි කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍යයි- අගමැති

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍යව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද පෙරවරුවේ වාරියපොළ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කුරුණෑගල වාරියපොළ පැවති ජන හමුවකට එක්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයෙන් ආණ්ඩුවක් බිහිවිය යුතුයි. ඒ නිසා ඔබට තිබෙනවා වගකීමක්
ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. පෞද්ගලිකව පළිගන්න එය ඉදිරිපත් කළා. සකස් කළ උදවිය දැන් වෙනස් කරන්න කියනවා ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වගකීම. ශක්තිමත් ආණ්ඩුවක් මගින් ඇති කරන්න. ඔබේ වගකීම ඔබ ඉටු කරන්න.”

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

අද පස්වරුවේ කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

Related posts

ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වර්ධනය කරයි

colombotoday

කවුරුත් සගවන අලුත්ගම ජිහාඩ් භීෂණයේ ඇත්ත කතාව (Video)

colombotoday

විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි

Admin

ශ්‍රීලනිප යේ මහ ලේකම් ධුරය යළිත් දයාසිරිට

Admin

ජනපතිවරු මාරු වුවත් ලංකාව පිළිබදව ඇමරිකානු ප්‍රතිපත්තියේ වෙනසක් නෑ

colombotoday

බලපත්‍ර කාලය ඉක්මවූ, සාධනීය කාර්යයන් සිදුකර නැති විදුලිබල ව්‍යාපෘති බලපත්‍ර අහෝසි කරයි

Admin