Colombo Today Local News

මහින්දානන්දගේ පාවාදීමේ චෝදනාවට සාක්ෂි නැතිනම් ජනතාව ඔහු ප්‍රතික්ෂේප කරන්නැයි මාලිංග කියයි

2011 ලෝක කුසලාන තරඟාවලිය අවසන් මහා තරගය මුදලට පාවා දුන්නේ යයි එල්ල කරන චෝදනාව රටක් ලෙස බොහෝ අපකීර්තියට පත්වූ අවස්ථාවක් බව සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කරයි.

මෙහි සියලු සාක්ෂි ඇති නම් එහි සත්‍ය අසත්‍යතාව සොයා ගැනීමට වැඩි කාලයක් ගත නොවනු ඇතැයි තමන් එම ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් ලෙස විශ්වාස කරන බවද ඔහු පවසයි.

එවන් පැහැදිලි සාක්ෂි ඇත්තේ නම් ජනතාව නොමඟ නොයවා එම තරඟය පාවා දුන් පුද්ගලයන් නම් කලයුතු බව ද ඔහු කියා සිටියේය.

එසේ නොකරන්නේ නම් ජනතාව විසින් කළ යුතු වන්නේ මෙවන් බොරු චෝදනා එල්ල කරන අය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම බව ද ඔහු කියා සිටියේ්ය.

සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලද්දේ 2011 ලෝක කුසලාන අවසන් තරඟය පාවා දී ඇති බව එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමිනි.

Related posts

පියුමි හා චන්දිමාල් මිලියනය බැගින්වූ ශරීර ඇප මත මුදාහරී

colombotoday

“හමුදාව ඉන්නේ දැඩි කලකිරීමෙන්.. කුමන්ත්‍රණ කිරීමට කිසිදු උවමනාවක් නෑ“ – නාවික හමුදාපති

colombotoday

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

හාල් කිලෝවක් රුපියල් 300කට යා හැකි

colombotoday

ඉසුරුපායේදී පොලිසියේ තුනක් කැපුවේ බුද්ධි අංශෙන්?

Admin