BusinessColombo Today Local News

රං පවුම අනුදාහට නගී

වෙළඳපොලේ රත්තරං මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ( රං ප්‍රමාණ නිශ්චය කිරිම ) ඉන්දික බණ්ඩාර මහතා පැවසුවේ අද වන විට කැරට් 24 ක රං පවුමක මිල රුපියල් 90000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මීට සති කිහිපයකට පෙර රං මිල රුපියල් 95000 ක් දක්වා වැඩි වු බවද ඔහු පැවසීය. කොරෝනා වසංගත තත්වය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමග පසුගිය 12 සහ වනදා සිට රුපියල් 10000 කින් පමණ රත්තරං මිල ඉහළ ගොස් ඇති බවයි.

වෙළඳ පොල තුල රත්තරං හිගයක් මතුවීම මීට ප්‍රධාන ලෙස බලපා ඇති බවයි බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ.

ක්‍රමයෙන් කොරෝනා වසන්ගත තත්වය පහවයාමත් සමග රං වෙළඳපොල යලි ක්‍රමයෙන් ස්ථාවර වනු ඇති බවයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා සඳහන් කළා.

Related posts

“අමාත්‍යාංශ 02 ක වැය ශිර්ෂ පරාදවීමේ වගකීම රජය බාරගත යුතුයි. සැළසුම් සහගත ක්‍රියාවක් නොවෙයි.” – ඇමැති රාජිත සේනාරත්න

colombotoday

අද සහ හෙට විදුලි කප්පාදුවක්

colombotoday

වරකාපොළ පස්කන්දට යටවූ තරුණයාගේ සිරුරත් සොයා ගනී

colombotoday

අසමත් ජනාධිපතිවරයෙක් ලෙස ඉවත් වෙන්නේ නෑ…

colombotoday

“අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නෑ.. බුද්ධාගමටත් හානියක් නෑ” – ඇමති පා.ච. කියයි

colombotoday

සමගි ජන බලවේගය දෝශාභියෝගයකටත් අත්සන් එකතු කරයි

colombotoday