Colombo Today Local News

කුඩු තිලාන්ට මරණීය දණ්ඩනය නියම කරයි

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 274 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු දේවගේ තුසිත චාමර හෙවත් “කුඩු තිලාන්” නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත.

2014 වසරේ ජුනි මස 20 වනදා හොරොයින් මත්කුඩු ග්‍රෑම් 274 සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් මෙම විත්තිකරු බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුට ගෙන තිබුණි.

ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව නඩු පවරන ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කළ මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවට තීන්දු කළේය.

ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරු වසර හතකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී තිබිණි.

Related posts

ජීනීවා දෙස බලා වීරත්වයට තොණ්ඩුව දමන සීඅයිඞීයේ කැකිල්ලේ න්‍යාය

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ්

colombotoday

ආමර් වීදිය යටවෙයි – විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියදුරන්ට දැනුම් දීමක්

Admin

මන්ත්‍රී පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම

colombotoday

අන්තර්ජාලය හරහා පාසල් සිසුන් ලිංගික අපයෝජනයට ලක් කළ දුරකතන සමාගමක අලෙවි නියෝජිතයෙකු අත්අඩංගුවට

colombotoday

පාසල් ආරම්භක දිනය යලි කල් යයි

colombotoday