Colombo Today Local News

අද මේ ආණ්ඩු රැඳී සිටින්නේ කොරෝනා නිසා කොරෝනා නැත්නම් ආණ්ඩුවත් නෑ

අද මේ ආණ්ඩු රැඳී සිටින්නේ කොරෝනා වසංගතය නිසා බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කොරෝනා වසංගතය නොමැති වූයේ නම් ආණ්ඩුවේ නොහැකියාවට ජනතාව විරුද්ධ වනු ඇති බව ඔහු සඳහන් කළේය.

ඉදිරි මාස කීපය තුළ මෙරට දැවැන්ත මූල්‍ය අර්බුදයක් ඇති වනු ඇති බවත් මේ ආණ්ඩුවට උදව් කරන ලෝකයේ කිසිදු රටක් නැති බවත් ඔහු පැවසීය.

අගෝස්තුවේ පැවැත්වෙන මැතිවරණයෙන් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කර ආර්ථික අර්බුදයෙන් රට බේරා ගෙන දුප්පත් ජනතාවට සහන ලබා දෙන බවද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

Related posts

ඥානසාර හිමි වහා අත්අඩංගුවට ගන්න. ආර්.සම්බන්ධන් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි

colombotoday

TNA, ජවිපෙ සමග එජාප ජාතික ආණ්ඩුවක්…

colombotoday

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43කට පසු අලුත් වෙයි

colombotoday

මිරිස්කුඩු ගසා ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 45ක් කොල්ල කාලා

Admin

පාර්ලිමේන්තු නව සැසියට එක් වූ 4ක් කොරෝනා ආසාදිතයින්

colombotoday

ඉන්දියාව 100වැනි චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කරයි

colombotoday