Colombo Today Local News

රෝහලෙන් ගෙදර ආ කාන්තාවකට යළිත් කොරෝනා හැදිලා

කුවේට්හි සිට පැමිණ කොවිඩ් නයින්ටීන් රෝගියෙකුව සිට සුව වී නිවෙස් බලා ගිය කාන්තාවකට යළිත් වරක් කොවිඩ් නයින්ටීන් රෝගය වැළදීමේ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.

අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටින 36 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේය.

අදාළ කාන්තාව මීට දින දෙකකට පෙර හෝමාගම ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව කැබිතිගොල්ලෑවේ පිහිටි නිවස වෙත පැමිණ ඇති අතර යළිත් අසනීප වීම හේතුවෙන් පෙරේදා දිනයේ අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

එහිදී සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයකදී කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බවට තහවුරු වී ඇති බව වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10ක් එජාපයට

colombotoday

ජනපති තේරීමේදී පොහොට්ටුවේ සහය රනිල්ට

colombotoday

මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදා නිදාගන්න හුස්ම ගන්න කැමති.. අරගල තිත්ත වෙලා

Admin

මුඛ ආවරණයේ සැගවා සිටි හෙරොයින්

colombotoday

මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයි

colombotoday

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Admin