Colombo Today Local News

සහරාන් සමඟ කිසිදු සබඳතාවක් නැතැයි කියන හකීම් මුස්ලිම් ගෙවල්වල අවශ්‍යතාවයකටවත් “පිහියක්” නැතිලු

පාස්කු ඉරු දින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සමඟ තම දේශපාලන පක්ෂයට කිසිදු සබඳතාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මුස්ලිම් ජනාතාවට ගැටළු රැසකට මුහුණ පැමට සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

මහනුවර පිළීමතලාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මැතිවරණය දිනා ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙලෙස තම පක්ෂයට මෙලෙස චෝදනා කර සිටින බවයි.

මෙවැනි කල්ලියක් අපි අතරේම සිටි බව කිසිවෙකු දැන නොසිටි බවත් පැවසු ඒ මහතා, දිගින් දිටම මෙවැනි ප්‍රචාර තුළින් මුස්ලිම් ජනතාව අපහසුතාවයට පත්ව ඇතැයි ද පැවසීය.

මුස්ලිම් ගෙවල්වල අවශ්‍යතාවයකට පවා “පිහියක්” නොමැති වු බවත් පැවසු හකීම් මහතා, මෙම කතාව පවා පළ කරමින් චෝදනා කල ද කිසි විටෙකත් තම පක්ෂය සැලෙන්නේ නැති බවද කියා සිටියේය

Related posts

රටම හූරාකාපු සුද්දාවත් පංසලේ පිං කැටේට අත තිබ්බෙ නෑ.. මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භයයි!

colombotoday

ජාතික නාවිකයන්ගේ දිනය – මාර්තු 21

Admin

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

18 දා අලුත් ආණ්ඩුවක්… එජාපයේ 24ක් පිම්මකට සැරසෙයි… බහුතරය පෙන්වන්න මහින්ද සූදානම් !

colombotoday

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

Admin

අඩුවට නෙට් දෙන තවත් වැඩකට ඇමති හරීන් අත ගසයි.. මේ පාර ඇමරිකානු සිලිකන් වැලියෙන් ගෙන්වයි

colombotoday