Colombo Today Local News

සුනිල් ජයවර්ධන ඝාතනයට 8ක් අත්අඩංගුවේ

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (10)දින සවස 6.20 ට පමණ 119 දුරකථනයෙන් අංකයට මිරිහාන පොලීසියට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව ෆිනෑන්ස් ආයතනයක් ඉදිරිපිට දී එම ආයතනයේ සේවකයින් පිරිසක් සමඟ පිටස්තර පුද්ගලයින් දෙනෙකු ගැටුමක් ඇති කර ගත් බව වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම ගැටුමෙන් තුවාල ලැබු මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 53 ක් වු කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මරණකරු හිතවතෙකුගේ ෆිනෑන්ස් කරන ලද ත්‍රීරෝද රථයක් සම්බන්ධයෙන් ඇති වු ගැටළුවක් එම ෆිනෑන්ස් ආයතනයේ සේවකයින් සමඟ සාකච්ඡා කිරීමට යෑමේ දී ඇති වු ආරවුලක් හේතුවෙන් සිදුවු පහර දීමකින් මෙම මරණය සිදු වු බව පොලීසිය පවසයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් මෙම ආයතනයේ සේවය කරන ලද සැකකරුවන් 8 දෙනෙකු අයුතු ජනරාශිය හා පුද්ගලයෙකුට පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිරිහාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

කරුණා මරා දැමීමේ තැතක් නූලෙන් වැළකේ.. හිටපු කොටි ප්‍රබලයා බඩුත් එක්කම මාට්ටු !

colombotoday

මහින්ද අගමැති කිරීම නීති විරෝධීයි… තවදුරටත් අගමැති මමයි…

colombotoday

දූෂිත ඇමතිලා ගැන අගමැතිගේ තීරණය දැනුම් දෙයි !!

colombotoday

රවීගේ “ඔන් ගොයින් හොරකම්” හා බිරියගේ, දුවගේ ගුදම ගැන FCIDයට පැමිණිළි !

colombotoday

ආහාර ප්‍රතිපත්ති කමිටුවට කැබිනට් අනුමැතිය

colombotoday

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව පහළ යයි

colombotoday