Colombo Today Local News

අලි සබ්‍රි මුස්ලිම් ජනතාව නියෝජනය කරනවානම් තරඟ කරලා එන්න බැරි ඇයි ?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති මොහොමඩ් අලි සබ්‍රි මුස්ලිම් ජනතාව නියෝජනය කරනවානම් ඔහුට තරඟ කරලා එන්න බැරි ඇයි දැයි නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මගල්කන්දේ සුදත්ත හිමි පවසා සිටියහ.

අපහාසයක් සිදුවුනා යැයි පවසමින් අලි සබ්‍රි මහතා විසින් මැඩිල්ලේ හිමිගෙන් රුපියල් කෝටි 150ක් ඉල්ලා නඩු දැමීම පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන්නෙක් වශයෙන් නොකළ යුතු දෙයක් ලෙස සඳහන් කර සිටි සුදත්ත හිමියෝ යහපාලන ආණ්ඩු සමයේ ක්‍රියාත්මක වූ භික්ෂු දඩයම දැනුත් එලෙසම ක්‍රියාත්මකව පවතිනවාදැයි සැකයක් මතුවන බව ද සඳහන් කර සිටියා.

අල් ජසිරා වෙත ලබා දුන් ප්‍රකාශය මහත්මයෙකු ලෙස නිවැරදි නොකොට එය පෙන්වා දුන් භික්ෂුන් වහන්සේ ඉලක්ක කර ක්‍රියා කිරීම කිසිසේත් අනුමත නොකරන බවයි උන්වහන්සේ අවධාරණය කර සිටියේ.

Related posts

ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ – අගමැති

colombotoday

දකුණු පැසිෆික් සාගරයේ රික්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබල භූ කම්පනයක්

Admin

රුපියල් කෝටි 11කට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක් අත්අඩංගුවේ

colombotoday

නවගමුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

අටලුගමදී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදුන් තවත් 4ක් අත්අඩංගුවට

colombotoday

සංහිදියාවට බාධා කරන කුරණයේ ඉගැන්වීම් ගැන බොදුබලේ උලමාගෙන් ප්‍රශ්න කරයි

colombotoday